Rhyme

මානසික තලයන්            

විවිධ වූ මනසික තලයන් මත
ජිවන ගමන පියමං කරනා අප,
එම තලයෙන් ඊලඟ තලය වෙත
පැණීමට වෙර දරනා…
හුදු නිසඟ උත්සාහයන් කරමින්
නිකරුනේ වටිනා මිනිත්තු නැති කරමින්…
මිනිසත් බවට නීච වටිනාකමක්
ආරෝපණයට වෙහෙසෙ යි

වින්දන 2010 දී

 

පුළුන් රොද

ආදරණීය වස්සානය
පෙනෙන නොපෙනෙන
මායිමේ දී…
හුදකලා වූ ජීවිතයක්
පණනල ගැටගසා ගැණීමට…

අපමණ වෙහෙස දරමිණා

හේ සුලඟ නියාවෙන්
අතු අග පැටළුනු
පුළුන් රොදක් සේ…
හේ මේ අත ගසායාමට
වෙර දරණා කල,
සොයා ගිය මානය,
වෙනතකට
යොමුවී…
පැටළුනු පුළුන් රොදකි
නිදහසට මොහොතකට
පෙර…


වින්දන 2010 දී

 

පියවි ලෝ තුල

පැහුණු වී කරල් යුවලකි
ඒ නාඹර කෙහෙ වැටි යුවල
දෙනෙත අභිමුව
සිහිනෙන් සැමදා,
කවදාද,
පියවි ලෝ තුල…


වින්දන 2012 දී

 

සොබා දම

උඩු ගුවන අම්බලමක් යැ
සාගරය තොටුපලක් යැ
කල කම් පෑ විකුම් මිනිසා…
අද මිහිමත මත
කම්පිත සොබා විපත් දෙස
කඳුලු පිරි දෙනුවන් යොමා…
නොදුටු දෙවියන් හට
කන්නලව් කරමින්
පරාජීනව…
කල කම් පල දෙන තුරා…


වින්දන 2012 දී

 

නුඹ…

කවිමය මුවඟ
ලලිතමය ගමන,
මධුරමය දෙනුවන,
කිම් ද,
නුඹට මැ පමණක්ම…
ඉන් බිඳකු දු
නොම දෙන්නට තරම්
නුඹ,
තවකෙකුට,
මා සිහින දිගැස
නුඹ,
අඳුරෙහිම
ජීවත්වන සදා,
මනෝ ලෝ
තලය මත…!


වින්දන 2010 දී

 

නූපන් නුඹ

නැතිද ඉඩක් මට මට
ඔබ ලොව තුල
සැරිසරන්නට…
කිමද මේ වේදනා මට…?
නුහුරුය,
සිතුවිලි දෝරෙගලා යයි,
නමුදු…
නොදනී ඔබ ඒ වග…
නූපන් ඔබ
කෙසේ නම් දැන ගනීද
මා ගැන…
හේ,නුඹ සිහින කුමරියක
නිසාවෙනි,…


වින්දන 2010 දී