සෙල්ෆී ඉතිහාස කථාව ගැන දැන ගනිමු (The history of selfie culture).

තමාගේම චිත්‍රයක් සෙල්ෆී ආකාරයෙන් ඉතිහාසයේ පලමුව හමුවෙන්නේ Parmigianino (1503-1540) නම් ඉතාලි ජාතික ච්ත්‍ර ශිල්පියා ගෙනි.එය උත්තල කැඩපතක් හරහා ලබා ගත් තමාගේම රුව ලෙස නම් කර ඇත (Self-portrait in a convex mirror – in 1524).

මෑත ඉතිහාසයේ සෙල්ෆී ආකාරයෙන් ගත් ඡායාරූපයක් හමුවෙන්නේ රොබර්ට් කොර්නිලස් (Robert Cornelius) යන ඇමරිකානු ඡායාරූප ක්ෂේශ්ත්‍රයේ පුරෝගාමියා  1839 දී තම නිෂ්පාදනයක් වූ Daguerreotype කැමරාවෙන් ඔහුගේම ඡායාරූපයක් ගත් අවස්ථාවකි.

මේ දිනවල කවුරුත් කරන සෙල්ෆී කථාව ගැන දැන ගනිමු (the rise of selfie culture).

ඔබ ඇත්තටම සෙල්ෆී ලෝලියෙක් නම් මේ කථාව ගැන දැන ගැනීම වඩාත් යොග්‍ය යැයි සිතමි. සෙල්ෆී යනු පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සහ එය ඔහු විසින්ම ඉතා ලඟ කෝණයක් හරහා රූපගත කරන ලද්දක්.ඇත්තටම මේ වචනය ව්‍යවහාරිකව අප අතරට පැමිණිය ද ලිඛිතව ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශයේ 2013 (Oxford Dictionary 2013 edition) වසරේ සිට අප හට  දායාද විය. එය මෙසේ සඳහන් වෙයි.

“when an individual holds a camera or smartphone at arm’s length and takes a picture of their face”

එම වසර තුල “Selfie” වදනේ භාවිතය 1700% ගුණයකින් ඉහල ගිය බව සඳහන් වන අතර එය වසරේ වචනය හෙවත් “word of the year”ලෙස ද නම් කිරීම ම කෙතරම් ජනප්‍රියත්වක් හිමි කර ගෙන ඇති බව අපට මොනවට පැහැදිලි වෙයි. නාසිසම් (Narcissism) යන වදන සහ සෙල්ෆී යන වදන එකිනෙකට මුණ ගැහෙන අවස්ථාව කි.මොකක්ද මේ නාසිසම් කියන්නේ.මෙය ග්‍රීක මිත්‍යාකථාවල (Greek mythological figure) එන “නාසිස්ට් (Narcissist)” යන තමාගේම ප්‍රතිබිම්භයට ආදරය කල චරිතයක වදනෙන් බිඳී ඉංග්‍රීසියට පැමිණි වදනක්.මනෝවිද්‍යාවේ පියා වන සිග්මන් ෆ්‍රොයිඩ් 1920 දී (Sigmund Freud – 1856 -1939) මෙම වදන මනෝවිද්‍යාවට එක්කරන ලදී. ඔබ ඔබේ වියැකෙන රුවට මෙතරම් ආදරය කරන්නෙක් ද? එසේ නම් ඔබ නාසිසම් රෝගියකු විය හැකි යි.

ඔබ මා අප කවුරුත් සමාජ වෙබ් අඩවි (Social Medias) අපි කොතෙකුත් පීරා ඇත්තේය.ඔබගේ යහලුවෙක් හෝ යෙහෙලියක් හෝ නෑදෑ හිතවතකු ඔහුගේ හෝ ඇයගේ බිත්තිය (Profile wall) පුරාවටම තමාගේ මුහුණ කිහිප දිශාවකින් ගෙන එසැනින් ලොවට මුදා හරිය අවස්ථා කොතෙකුත් දැක ඇතිවාට සැකයක් නැහැ.මෙය සරළ උදාහරනයකින් පැහැදිලි කරන්නම්.මදකට මේ ලිපිය කියවීම නතර කොට ඔබේ මතකයට ආ ඔහු/ඇයගේ ගිණුමට (The profile) යන්න.තමා අද දින දහවලට ගත් ආහාරය හෝ ආහාර ගෙන අවසන් කල සැනින් ගත් ඡායාරූප පවා ලෝකයාට අත හැරපු අවස්ථා පවා තිබෙනවා ද !!! මෙය කිසිසේත්ම සාමාන්‍ය තත්ත්වයක් නොවන බව නම් ඉඳුරාම පැවසිය හැක.තවද සැමියකු සහ බිරිඳක ඔවුනොවුනට පමණක් සීමාකොට තිබිය යුතු දෑ මුළු ලොවක් ඉදිරියේ නිරාවරණය (exposed) වීම කෙතරම් සදාචාරසම්පන්න ද? එය සාමාන්‍ය ද? වැඩි වශයෙන් තරුණ පාර්ශවයෙන් අතර මෙම කළාව ප්‍රචලිත අතර බොහෝ විට යහළු යෙහෙලි සබඳතා අතරතුර මෙවැනි ෆොටෝ එකක් නොදා ඉන්න නම් අමතක කරන්නේ නැහැ.මේ මොහොතේ පවා ඔවුන් මේ අයුරින් ක්‍රියා කිරීම නම් අපි දන්න රහසක්.බොහෝ අය නොදන්න තව දෙයක් තමයි මේ සෙල්ෆී කලාව බොහෝවිට නොදැනුවත්වම අනෙක් අයගේ අනවශ්‍යය අවධානයක් ගැනීම සඳහා භාවිතා වන (විටෙක) භයානක ක්‍රමයක් බව !!!

මූලිකවම මනෝ වෛද්‍ය අදහස වන්නේ තමා වෙත අන්‍යයන්ගේ ආකර්ශනය ලබා ගැනීම උදෙසාම නූතන තාරුණ්‍ය මෙයට ඇබ්බැහි වන බවක්ය. සෑම තුන් දෙනෙකුගෙන් දෙදෙනෙකුට සිරුර පිලිබඳ වූ මානසික ව්‍යාකූලභාවය හෙවත් Body Dysmorphic Disorder (BDD) ඇති අතර මෙය ඡායාරූප ගැනීම පිණිසම සාදන ලද බොහෝමයක් ජංගම දුරකතන වල ව්‍යාප්තියත් සමඟම වැඩී වීමක් පිලිබඳ               The Priory, London ද සඳහන් කර යි.

BDD- a mentalillness in which a personspends a lot of timeworrying about how they look and wronglybelieves there are problems with theirappearance.

— The Priory, London

එනම් ඔවුහු දවසේ පැය ගනණක් වෙහෙසී (spent hours trying to take pictures) මෙම ආකාරයෙන් තමාගේම ඡායාරූප ගෙන ඒවා නැවත නැවතත් පිරික්සමින් වැරදි හෝ අඩුපාඩු අන් අයට නොපෙනෙන සේ සඟවා (do not show any defects or flaws in their appearance) එම තෝරාගත් ඡායාරූප පමනක් සමාජ වෙබ් අඩවි වලට මුදා හැරීමට වග බලා ගනී. අසාමාන්‍යය ලෙස මෙම කර්තව්‍යයට ගොදුරු වීම 2014 දී ඇමරිකානු මානසික රෝග සංගමය (American Psychiatric Association-APA) පවා මෙය මානසික ආබාධයක් ලෙස නම් කලා.එය අශුභවාදී ග්‍රහණයෙන් යුත් ආශාවක් ලෙස නම් කෙරුණා (Obsessive Compulsive Desire – OCD). එනම් සල්ෆී ඡායාරූපයක් ගත් සැණින් Facebook, Instagram, Twitter, Whatsapp, Snapchat වැනි සමාජ ජාලා වෙබ් අඩවි වල දැමීම වැනි අවස්ථා.

American Psychiatric Association සෙල්ෆී වර්ගීකරණය

OCD සීමාවේ තිබෙන අවස්ථාව: දිනකදී තමාගේ ඡායාරූප තෙවතාවක් පමණ ගැනීම සහ එය සමාජ වෙබ් අඩෙවි වල පල කිරීමට නොයාම.Borderline: Take photos 3 times a day but do not necessarily post them on social media.

උග්‍ර අවස්ථාව: අඩුම වශයෙන් දිනකට තමාගේ ඡායාරූප තෙවතාවක් පමණ ගැනීම සහ ඒවා සමාජ වෙබ් අඩවි වල පල කිරීම.  Acute: Taking photos of oneself at least 3 times a day and posting it on social media.

නිදන්ගත අවස්ථාව: අසාමාන්‍ය ලෙස තමාගේම ඡායාරූප බොහෝ සංඛ්‍යාවක් n වතාවක් පමණ ගැනීම සහ ඒවා දිනකට අවම වශයෙන් 6 වරක් වත් සමාජ වෙබ් අඩවි වල පල කිරීම. Chronic: “Uncontrollable Urge” to take n number of photos of oneself in a day and posing them onto social media at least 6 times a day.

නමුත් ඉඳුරාම මෙය සඳහන් කිරීම වැදගත්.ඔබ සෙල්ෆී ඡායාරූපයක් ගෙන අන්තර්ජාලට නිකුත් කිරීම ඉහත සඳහන් මානසික ව්‍යාකූල බව ලෙස නම් කිසිසේත්ම නොසිතන්න.එය අනවශ්‍ය ලෙස හෝ අසාමාන්‍ය ලෙස නවතා ගැනීමට පවා අපහසු වන අයුරින් නම් පමණක් කල්පනාකාරී වන්න.තවද බොහෝ විට මෙම අසාමාන්‍ය තත්ත්වයට හේතුව ලෙස සැලකෙන්නේ ස්වයං ආඩම්බරයක් (self-indulgence)  හෝ වෙනකෙකුගේ අවධානය දිනා ගැනීම උදෙසා (attention seeking social dependence) තමාගේ හීනමානය (inferiority complex)  මකා ගැනීමට වෙහෙසෙන පුද්ගලයිනගේ දැකීමක් (perception) ලෙසය.

මතක තබා ගත යුතු වැදගත් දෙය නම්, ස්වයංක්රීයව ආලෝකකරණයට ( Selfie is subject to lighting) ලක්ව ඇති, Photoshop වැනි  මෘදුකාංග සහ වෙනත් සාධක රාශියක් ඇති නිසා, බොහෝ විට ඇත්ත වශයෙන්ම එම ඡායාරූපයෙන් දකින ඔහු/ඇය සැබෑ ජීවිතයේදී මෙන් නොව ඔවුනට ඇත්තේ වෙනස් පෙනුමක්  ද වෙන්නත් පිලිවන්…

ප්‍රතිකාර

ඔබගේ ඡායාරූප වෙබ් අඩවි වල පලකිරීම සිමා කිරීම.

සැනින් පල කිරීම ප්‍රථමව එම ඡායාරූප ලඟ තබා ගෙන පසුව හොඳින් සොයා බලා අත්‍යාවශ්‍යම නම් පමනක් පල කිරීමට පෙලඹීම.

සංජානනීය චර්යාත්මක ප්රතිකාරය හෙවත් Cognitive Behavioural Therapy චර්යා රටාව අධ්‍යනය හරහා සීමා සහිතවම යම්කිසි කාලයක් පුරුදු පුහුණු වීම.නමුත් මෙම ප්‍රතිකාරය පවා තාවකාලික විසඳුමක් (a temporary treatment) බව සලකන්න.

මෙහි භයානක පැත්ත/මානසික ව්‍යාකූල බව එදිනෙදා හමු වූ සංසිද්ධීන් සමඟ මදකට බලමු.ඔබ මා කොතෙකුත් අසා තිබෙනවා ද සමහර අකල් මරණ,හේතුව තමාගේ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලය හරහා හුවමාරු වීම.බොහෝ විට අන්තර්ජාල මානසික ලෙඩ්ඩු (hackers,pimps or stalkers) සංස්කරණය කල  (edited) ඡායාරූපයක් නිසා අසරණ ජීවිතයෙන් වන්දි ගෙවීමක් වෙන්න පිලිවන්.ඉදින් ඔබ,විශේෂයෙන් ගැහැනු පාර්ශවය මීට වඩා සැලකිලිමත් වීම අද කලට සාපේක්ෂව වඩාත් උචිත යැයි සිතේ. තමාගේ ආත්ම අභිමානය උදෙසා තවකෙකුව පහලා දමා වැඩ කරන  (low self-esteem) මේ අනිත්‍ය ලොව තුල ඔබ ද මා ද මේ සියළු දෙන ද අවසන ගෙනයන්නේ කල හොඳ-නරක බැවින් පහත් ආශාවන් ඉටු නොකර ගැනීම පිණිසම අන්තර්ජාලය භාවිතය ගැන ද හොඳින් සැලකිලිමත්  වන්න.

චතුර්ක වින්දන හේවගේ.

06/12/2017

Tags: , ,

Leave a Reply