පෘතුවියෙහි වූ බිලියන 7.5 ක ජනකායක් විවිධ ආකාරවලින් එකිනෙකාට වෙනස් වේ. මෙසේ එකිනෙකාට වෙනස් චින්තන රටාවේ හෝ ඔවුන්ගේ මානසික ආකෘතියෙහි වූ වෙනස මීට හේතුව විය හැක. මේ, ස්වායත්තව සිතන-පතන මිනිසා ගේ සිත සහ එහි හැසිරීම පිලිබඳ වූ කෙටි සටහන කි

සිතක වේගය විස්තර කරන්න අපි දන්න තත්පර  වලින් අමාරුයි. මිනිස් සිතේ වේගය ගැන අදහසක් ගන්න පවා එලෙසම අමාරු යි.ඒ  කෙසේ හෝ වේවා නූතන විද්යාඥයින්ට අනුව එහි වේගය මිනිස් සන්දර්භය තුළ විශාල පරාසයක් සහිත myelinated න්යුරෝන (myelinated neurons) මගින් මාංශ පේශි වෙතට සම්බන්ධ කරන සංඥාවලට තත්පරයට මීටර් 70-120 ක වේගයක් උරුම බව කියයි.එනම් එය පැයට සැතපුම් 156-270 [mph] ක්  වේ.

සංකීර්ණත්වය –

කෙසේ වෙතත්, තනි “සිතුවිල්ලක වේගය” ප්රමාණනය කිරීම කිසි විටෙක භෞතිකව කල නොහැකි වුවද, සැළසුම් කිරීම මඟින් හා සම්පූර්ණ ක්රියාකාරිත්වය සඳහා ගතවන කාලය විශ්ලේෂණය මගින්, ස්නායු පද්ධතියේ මෙම ක්‍රියාවලීන් පරිපූර්ණව වගේම කාර්යක්ෂමව සිදු කරන ආකාරය පිළිබඳව වැදගත් අවබෝධයක් සපයයි.තවද, සංජානන අක්‍රමිකතා (Cognitive Disorders) ආශ්රිතව සිදුවන වෙනස්කම් පිළිබඳව ද අදහසක් සපයයි. මෙය මානසික ක්‍රියාකාරිත්වයේ කාර්යක්ෂමතාව ලෙස බටහිර විශ්ලේශකයන්ගේ නූතන මත යයි.එනම්, එය තනි සිතිවිල්ලක වේගය නොව,සිතිවිලි සමූහයක කාර්යක්ෂමතාවය පමණක් මිනිය හැකි සංසිද්ධිය මිස,තනි සිතිවිල්ලක වේගයක් ගැන නොවන බව යි.

ඔබට මතක ඇති මා මීට පෙර ලිපියෙන් සඳහන් කල විශ්වයේ කුඩාම ඒකකය ශුද්ධාෂ්ඨකය හෙවත් අශ්ඨක කලාපය බව (පදාර්ථය සහ ශුද්ධාෂ්ඨකය Particles, Science & the Buddhism).එසේ ශුද්ධාෂ්ඨක සමූහයෙන් හැදුනු අප,ඔබ සියල්ලම ජාති,ජරා මරණ නම් විශ්ව දහමට යටත් ය.

මොකක්ද මේ කියන්නේ?

සිතෙහි පවතින් වේගය නියාවෙන් අපට වෙනස් වීමක් දැකිය නොහැකි ය.උදාහරණයකට ඔබ අප මීට පෙර පෙරහැරවලින් දැක ඇති “ගිණි බෝලයක්” ගැන සිතන්න.ඇත්තටම මොහොතින් මොහොත ගිණි බෝලය, එය යන පථයෙහි නැවතී යලිත් ගමන අරඹ යි.එය එසේ වුවද අප බාහිරින් දකින්නේ ගිණි වලල්ලක් මිස වෙන යමක් නොවේ.හේතුව වේගය යි.එය අප ඇසට ගෝචර නොවන්නේ ය.මෙසේ අප උපන් දා සිට මියෙන තෙක් එකම සිතක් උරුම ඇත්තෝ ලෙස සිත යි.නමුත් වෙනස් වන සහ නැවත නැවතත් ඉපදෙමින් මිය යමින් සිටින මේ සිත අප මෙලොව එලිය දුටු මුල්ම සිත නොවන්නේ ය.වරෙක ගෞතමයන් මෙසේ ද දේශනා කල හ.අපේ සිත හෙවත් වින්නනය, අප උපතේදී දුටු මුල්ම සිතත් නොවේ.මුල්ම සිත නොවන්නේත් නොවේ.එසේනම් මුල්ම සිතත් නොවන,මුල්ම සිතට නෑගම් කියන මොහොතින් මොහොත පරිණාමය හෙවත් වෙනසනට බදුන් වන මෙය විශ්ව ධර්මතාවය කි.

අපි බලමු මේ මොකක්ද කියන්නේ කියලා.

පලමුව අපි දැන ගන්න ඕනා මේ ලෝකයේ කුඩාම කාල ඒකකය ගැන.ගෞතමයන් වහන්සේට අනුව ඔබ සාමාන්ය නිරෝගී පුද්ගලයෙක් නම්, ඇසිපිල්ලක් ගහන සැනින් උපදින සිත්පරම්පරාව ආසන්න වශයෙන් ලක්ශ කෝටි වාරය කි.දන්න අංක විද්යාවෙන් නම් 100,000 x 10,000,000 = 10*12   ප්රමාණය කි. එසේ නම් එහි වේගය කොතරම් වේද යන්න වැටහේ.මෙසේ හට ගන්න සිත් පරම්පරාව හෝ රූප ධර්මතාවය මේ වනතෙක් විද්යාව මඟින් පැහැදිලි කර නැත.මෙම හට ගන්නා සිතක ආයු කාලය මැනිය හැකි ඒකකය “චිත්තක්ෂනය” නමින් හදුන්ව යි.එනම් සිතක පවතින කාලය චිත්තක්ෂන එකක කාලය කි.සිත යනු නාම ධර්මය කි.එනම් එය භෞතිකව දැකිය නොහේ.එම නිසා අදහසක් ගන්න ශුද්ධාෂ්ඨකයක කාලය ගැන දැනගනි මු.ගෞතමයන්ට අනුව එය චිත්තක්ශන 17 ක කාලය කි.එසේ නම් ඇසිපිය ගහන කාලයක උපදින නිරුද්ධවන ශුද්ධාෂ්ඨක ගනන 1012/17 ක ප්රමානය කි.එනම් 58 x 109  ක ප්රමාණය යි.විශ්වයේ වූ මෙම කුඩාම පදාර්ථය හැම මොහොතකම වෙනස් වෙමින් ශක්තිය අඩුවෙමින් මියගොස් නැවත චිත්තක්ශන 18 ක කාලයකින් නැවත උපදී.එනම් මේ මහා විශ්වය සෑදී ඇති සියල්ලටම උරුම එක දෙය යි.චිත්තක්ශන එකකින් ඉපදී චිත්තක්ශන පහලොවක් පැවතෙන අතර ඊලඟ නිමේශයෙන් එහි ශක්තිය ක්ශය වී මියය යි.පවතින උපරිම කාලය චිත්.17 කි.මෙසේ ඇති වෙමින් නැති වෙමින් යන වේගය නිසාවෙන් අපට එකිනෙකට වෙන්කර හඳුනා ගැනීමට නොහැක.එනම් එහි වේගයට සාපේක්ශව අප නොදකින පරිණාමය බුදුනෙත දුටුහ.මේ මසැසට අප නොදකින ධර්මතාවය අවබෝධයෙන් හෝ මනසින් මිස වෙන කිසිම ආකාරයකින් දැකිය නොහේ. පෙර ලිපියෙහි සදහන් කල විශ්වය සෑදී ඇති කුඩාම පදාර්ථය වන අෂ්ඨක කලාපය හෙවත් ශුද්ධාෂ්ඨක වලින් සෑදුනු අප,මොහොතින් මොහොත වෙනස්වන්නා සේම ජාති,ජරා මරණ යන නිත්‍යය දහමෙහි ගිලී ඇත්තේ ය.

එනම්,

ඉපදීම – උත්පාද,ජීවත් වීම -ථිති,මිය යෑම – භන්ග  යන විශ්ව ධර්මතාවයට බදුන් වන්නේ ය.

මේ පැහැදිලි කිරීම, ජීවයේ අස්ථිර බව පිලිබඳ යම්කිසි දැනීමක් ගැනීමට උපකාරීවන්න ඇතැයි සිතමි

http://www.waharaka.com

Tags: ,

Leave a Reply