ලාංකික ටෙලි නාට්ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ  කූඹියෝ මේ වන විට නූතන තාරුණ්යය සහ වැඩිහිටි පිරිසගෙන් සැලකිය යුත් ප්රතිශතයක්  වැලඳ ගෙන හමාර යි. සිංහල මෙගා ටෙලි නාට්යය,සිංහල හඬ කැවූ ඉන්දියානු සහ දකුනු කොරියානු නාට්ය වලින් මාධ්ය ආයතන ගිලගෙන තිබූ අවධියක උඩු ගං බලා පිහිනීමට ඔවුහු  වැඩට බැස්සෝ ය. ඒ මූල්ය සහයෝගය ලෙස අසංක දොඩම්තැන්න නිශ්පාදනයෙන් ද නව්ය පිටපත ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි ගෙන් ද මෙය පෝෂිත වී ය. අගනා රූපකරණයක් වූ මෙහි බොහෝ සුවිශේෂී නවමු අත්දැකීම අපට හමු විය. සංගීතය අචල සොලමන්ස් ගෙනි,රසවත් ය. නැවුම් ය. කැමරාව  ස්ට්රීනර් මැක්ලන් ඇඩම්ස් ගෙනි.ඔහුගේ කැමරා කෝණය සහ ආලෝක භාවිතය අති විශිෂ්ඨ ය. කථාව ගලා යන අයුරු සංස්කාරක දමිත චන්ද්‍රසිරි අති සියුම් ලෙස අමුනා ඇත. මේ අප බලන ලාංකික අත්දැකීම අති සියුම් ලෙස ඔහු හැඩ ගන්වා ඇත. මේ සියල්ලටම පණ පොවන අපේ කලාකරුවන් ගැන ලිවීම හරවත් ය.අති සියුම් හැඟීම් ඒ ආකාරයෙන්ම තම දෙබස් හරහා අපව ඇද බැඳ තබා ගන්නවා.තුමිඳු දොඩම්තැන්න,කලණ ගුණසේකර, පරාක්රම ජයසිංහ, යුරේනි නොශිකා, සේනක ටයිටස් ඒ අතර සුවිශෙෂී ය.අමතරව, රම්යා වනිගසේකර,ඇන්ඩෘව් පුල්ලේ, ලක්ස්මන් මෙන්ඩිස්, තුසිත ලක්නාත්, බන්දුල සූරියබණ්ඩාර, ජගත් මණුවර්න, ධර්මප්‍රිය ඩයස්,ඩබ්.ජයසිරි, නිමල් ජයසිංහ, බුද්ධික ජයරත්න, විශ්වජිත් ගුනසෙකර,නෙතලි නානායක්කාර සහ සද්ධා උත්පලකන්දගේ වැනි සුපිරි නලු නිලි කැලකින් පෝෂිත යි.සුලු චරිත ගැන පවා මෙතරම් සැලකිල්ලක් ගත් මෙම නාට්‍යකරුවා අවුරුදු තුනහමාරක් ටෙලි පෝලිමේ සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අප වෙත ගෙන ඒමට තරම් ඉවසිලි වන්ත වුනා.මෙයට මුදල් යටකල නිෂ්පාදක අසංක දොඩම්තැන්න දැලි පිහියෙන් කිරි කෑමට එකඟ වීම ද අද්විතීය යි. අන් කවරකට වඩා මා සිත් ගත් කරුන වන්නේ චරිතවල ඇති සියුම් භාව ප්‍රකාශන ඔවුනට ලැබී ඇති දෙබස් කාන්ඩය හරහා මොනවට මවා පෙන්වීම යි. ඇත්තෙන්ම මෙවැනි අති සියුම් හැඟීම් කලා කරුවාගේ ඇඟෙන් මිරිකා ගන්න තරම් ලක්මාල් සුක්ශම වෙලා. රඟපෑම හෝ කලාව මගේ වෘත්තිමය විශය නොවූවත්, මා බොහෝ සෙයින් ලෝක චිත්‍රපට කලාව ගැන ස්වයං අධ්‍යනයක නිරත වූවෙක්. මා ස්වයංව හඳුනාගත් ඒ රස ගැලපීමට තරම් මෑත කාලක දී බිහිවුන කූඹියෝ ඇත්තෙන්ම මේ ලිපියට හේතු වුනා.අමතරව, නාමල් ජයසිංහ ගේ සහෝදරයා ඊලඟ ලිපියට බොහෝ සෙයින් පාදක වේවි.ලාංකික ටෙලිනාට්යකරණයේ සහ චිත්‍රපටකරණයේ අක් මුල් වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්,පරාක්‍රම නිරිඇල්ල,ජැක්සන් ඇන්ටනී, අශෝක හඳගම, ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ, ධර්මසිරි බන්ඩාරනායක, ප්‍රසන්න ජයකොඩි, තිස්ස අබේසේකර, බූදී කීර්තිසේන වැනි ප්‍රතිභා පූර්ණ අධ‍යක්ෂක වරුන් අතරට වර්ථමානයෙන් අපට දකින්න පුලුවන් උදාහරන අල්ප යි.මේ අඩුව පිරවීමට ලක්මාල් ධර්මරත්න සහ නාමල් ජයසිංහ, ඔබ දෙපලටම හැකි වේවා.

Photo Credit : www.lankantv.net and Vivek Kaushan

චතුර්ක වින්දන හේවගේ 08.01.2018

 

Tags: , ,

Leave a Reply