නූතන භෞතික විද්යාඥයින් තවමත් විශ්වය සැදී ඇති කුඩාතම අංශුව හෝ එහි ස්වභාවය සෙවීමෙහිලා මේ මොහොතේ ද නිරතව සිටී.අංශු භෞතික විද්යාඥයින් (Particle Physicists) විසින් කුඩාතම පරිමාණයෙන් ස්වභාව ධර්මයේ ස්වභාවය තේරුම් ගැනීමට උත්සාහ කරයි.වර්තමානයේ පරමාණුව කුඩාතම අංශුව ලෙස නොසලකන නමුත් ඉලෙක්ට්රෝන,ප්රෝටෝන සහ නියුට්රෝන සොයා ගන්නා තෙක් පරමාණුවක් මූලික අංශුව ලෙස සැලකින.ඉතින් පරිණාමය වන මේ විශ්වය මෙන්ම මූලික අණුවට තිබූ සියළූම මත ද පරිණාමයට ම බඳුන් විය.

නූතන මිනිසා පදාර්ථයේ වඩාත් මූලික ස්ථරය හෝ එහි සැකැස්ම පිලිබඳ නිසි අවබෝධයක් ලබා ගත්තා ද යන සාධාරණ ප්රශ්නාර්ථය ඉතිරි වුණි.තව ද අප කවුරුත් දන්නා ප්රෝටෝන සහ ඉලෙක්ට්රෝන මතයෙහි ද සිරවූ ඔවුහු එක් ප්රෝටෝනයක් ඉලෙක්ට්රෝනයට වඩා 2000 ගුණයක ස්කන්ධයකින් යුක්ත වීමට හේතුව අදටද නොවිසදුනු උභතෝකෝටිකයෙකි.
පරිණාමය වූ මේ මත අතරින් දැනට ඉතිරිව ඇති නූතන මතය පිලිබඳ මූලික සංකල්පය දෙසට හැරෙමු.එනම් දැනට පිලිගත් මතය වී ඇත්තේ ක්වාක්ස් සහ ලෙප්ටෝන් (Quarks & Lepton) යන මතය යි.මෙය ක්වන්ටම් භෞතික විද්යාවෙන් දරන මතය වන අතර මූලික අණු දෙකෙහි සමාන ප්රාචීය ගුණයන් ගැන සඳහනක් ද සිදු කර යි.එනම්,විද්යුත් චුම්භකත්වය,ස්කන්ධය,භ්රමනය වැනි ගුණයන් ය.මෙම අංශුවලට 6 ආකාරයකින් හැසිරිය හැකි වගක් සඳහන් කර යි.මීට අමතරව මෙම අංශු වල එකිනෙකට ඇති වෙනස් ගුණාංගයන් ගැන ද සඳහන් කර යි.ශක්තිමත් න්යෂ්ටික බලය සමඟ ක්වාක් ක්රියා කරන අතර ලෙප්ටෝන් එසේ නොපවති යි. අංශු භෞතික විද්යාඥයිනට අනුව මෙම මූලික අණු ගොඩනැඟුන කොටස් (Building Blocks) බව සඳහන් කරන අතර මෙහි තවත් උප කොටස් පවා තිබිය හැකි බවක් සඳහන් කර යි.එසේ නම් මෙය දැනට පවතින පිලිගත් මතය වුව ද නිමාවක් නොමැතිව ඉතිරිව පවතී.
අමතරව නව මතයක් වන ස්ට්රින්ග් හෙවත් නූල් මතය ද කල එලි බසියි (String Theory:the theory of everything).එනම් සාමාන්යය සාපේක්ශතාව සහ ක්වන්ටම් යාන්ත්ර විද්යාව එකාබද්ද කිරීමෙහිලා මෙම මතය ඉදිරිපත් කර යි.එනම් උප පරමාණුක අණු වෙනුවට ශක්ති කම්පන නූල් මතයක් ගොඩ නගා ඇත.මෙහිදී මෙම නූල් වල ප්රමාණය උදාහරණයක් ලෙස එක් පරමාණුවක් අපේ මුළු සෞරග්රහ මණ්ඩලයෙහි ප්රමාණයටම විශාල කලහොත් මෙම නූලක ප්රමාණය පෘතුවිය මත වූ ශාකයක ප්රමාණය පමණක් ගනී.මෙම නූල් විවිධාකාර අනුපාතවලින් කම්පනය (Vibration) වන අතර එම කම්පන හේතුවෙන් පරමාණු සහ ක්වාර්ක්ස් වල හැසිරීමට විවිධාකාර ගුණාංගයන් (Properties) එකතු කර යි.එමෙන්ම සමහර සුවිශේශී චලනයන් මගින් විවිධාකාර අංශු නිපදවිය හැකි බවක් ද සඳහන් කර යි.මෙම මතය මගින් විශ්වය පිලිබඳ සාපේක්ශතාවාදය සහ ක්වොන්ටම් යාන්ත්ර විද්යාව මඟින් නොවිසඳාගත් බොහෝ පැතිවලට දොර විවර වීමක් සිදුවන අතර කළු කුහර,ක්වන්ටම් පරිමාණය,ගුරුත්වාකර්ශනය පිලිබඳ අවබෝධය හෝ මෙතෙක් නොවිසඳාගත් විශ්වයේ උපත ගැන පවා අදහසක් ලබා ගත හැකි බවක් ප්රකාශ කරයි.

ඒ විශ්වයේ කුඩාම ඒකක ගැන වූ භෞතික විද්යානු විවරනය යි.බුදු ඇසින් දුටු විශ්වයේ කුඩාම ඒකකය ගැන විවරනය ඉතා වැදගත් වන්නේ එහි වූ පරිපූර්ණත්ව ය සහ කාලයට අනුව සංකරණය නොවූ ධර්මතාවය නිසාවෙනි.සාමාන්යයෙන් විශ්වයේ ඇති කුඩාම අංශුව නැවතත් බිඳිය නොහැකි විය යුතුය.එසේනම් මේතාක් භෞතික විද්යාව අපොහොසත් වූයේ නැවත නැවතත් බිඳිය හැකි වූ අංශූන්ගේ නියමයන් හෝ වාදයන් ඉදිරිපත්කල නිසාවෙනි.බුදු ඇසින් දුටු විශ්ව ධර්මතා පරමාර්ථ ධර්මයන් ය.පරමාර්ථ ධර්මයනට අනුව විශ්වයේ කුඩාම අංශුව “ශුද්ධාෂ්ඨකය” යි. වචනයට අනුව එය එකිනෙකට වෙන් නොවූ පාරිශුද්ධ ධර්මතා අටක (ශුද්ධ + අශ්ඨක) නියෝජනය කි.මෙය “අෂ්ටක කලාපය” ලෙස ද කලාප විවරණයෙහි හඳුන්වා ඇත.

අපි බලමු මේ ධර්මතා අට:

1.ආපෝ ධාතුව – ගලන පැතිරෙන ස්වභාවය
2.තේජෝ ධාතුව-උණුසුම් සිසිල් ස්වභාවය
3.වායෝ ධාතුව-පිම්බෙන හැකිලෙන ස්වභාවය
4.පඨවි ධාතුව-තද කර්කශ ස්වභාවය
5.වර්ණ ධාතුව- පාට ස්වභාවය
6.ගන්ධ ධාතුව – ගඳ/සුවඳ ස්වභාවය
7.රස ධාතුව – රස ස්වභාවය
8.ඕජා ධාතුව- රසායනිකව පැසෙන ස්වභාවය
කිසිම විටෙක මෙම ධර්මතා අට එකිනෙකින් වෙන් කල නොහේ.තවද ආපෝ,තේජෝ,වායෝ,පඨවි යන ධර්මතා ප්රමුඛව ඉපදෙන අතර එයට “පෙර පසු නොවී” ඉපදෙන ධර්මතා වන්නේ වර්ණ,ගන්ධ,රස සහ ඕජා යන ධාතූන්ය. පෙර පසු නොවී යන්නෙහි සරල අර්ථය නම් එකවිට සිදුවීම (Simultaneously) යන්නයි.උදාහරණයක් ලෙස ඔබ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ලඟා වීමේ දී,ඔබ පලමු ස්ථානයෙන් ඈත් වන අතරම දෙවන ස්ථානයට ලං වීම සිදුවෙයි.මෙම ලං වීම සහ ඈත් වීම සිදුවන්නේ එකම විටකදී ය.එලෙස එකවිටම සිදුවන ධර්මතා “පෙර පසු නොවී” සිදුවන ධර්මතා වේ.ඔබ අප සහ මේ සියල්ල සෑදුනු මේ කුඩාම ඒකකය වන ශුද්ධාෂ්ඨක දෙකක අතර අවකාශයක් පවතී.එම අවකාශය “පරිච්ඡේද අවකාශය” යි.උදාහරණයක් ලෙස අභ්යාවකාශය යනු අප ජීවත්වන සෞරග්රහ මණ්ඩලයේ පරිච්ඡේද අවකාශය ලෙස සරලව සිතිය හැක.එසේනම් අප දකින භෞතිකමය සියල්ලෙහි මෙම ධර්මතා අට අඩු වැඩි වශයෙන් පමණක් පවතින බව ද විශ්වයේ කුඩාම ඒකකයෙන් මේ සියල්ල සෑදී ඇති වගක් ද පැහැදිලි ය.උදාහරණයක් ලෙස,කළු ගල් වල පඨවි ධාතුව අධික වන අතර අනෙක් ධාතූන් අඩු වැඩි වශයෙන් පවතී.අප දකින ජලයෙහි ආපෝ ධාතුව අධික බැවින් එයට ස්වභාවයෙන්ම ගැලීමේ හැකියාව ලැබී ඇත.මේ ආකාරයට භෞතිකමය සියල්ල සෑදී ඇත්තේ ශුද්ධාෂ්ඨකය නම් වූ කුඩාම ඒකකයෙන් වන අතර එහි වූ ගුණවල අඩු වැඩි ස්වභාවයෙන් මෙලෙස අප දකින දේවල් වල ස්වභාවය සැකසී ඇත.ඕනැම අංශුන් දෙකක් පරිච්ඡේද අවකාශයෙන් පමණක් වෙන්කල හැක.එනම් මෙම අති සියුම් අංශූන් හෝ ශක්තීන් එකිනෙකට පරිච්ඡේද අවකාශ වලින් වෙනකල හැකි මුත් ඒවා ප්‍රායෝගිකව වෙන්කල නොහැකි ලෙසම බැඳී පවතී.

මේ අනුව,භෞතික විද්යාවට එහා ගිය පරිපූර්ණවූ මේ විශ්ව දහම අවබෝධ කල ගෞතමයන් වහන්සේ තම ඥානය මගින් ලොවට හෙලිකල සහ සත්ත්වයාගේ පැවැත්ම වෙනුවෙන් පමණක්ම අත්යාවශ්ය වූ ධර්මතා ඉදිරිපත් කලහ.මෙසේ බටහිර විද්වතුන් තම කාලය,ශ්රමය සහ මුදල් වියදම් කර සිදුකල භෞතික පර්යේශනයන් වලට නිත්යය පිලිතුරු මීට අවුරුදු 2500 කට පෙර බුදු ඇසින් දැකීම ගැන ඔවුහු ද දන්න ප්රසිද්ධ රහස කි.තවද සිංහල ලාංකිකයෙකු වීම නිසාවෙන්ම මෙම සනාතන ධර්මය අපට අවබෝධ කරගැනීමට ලැබීම ඔබ ද,මා ද මේ ශ්රී ලාංකික සියළුම දෙනාට ද හිමි වූ අමිල අවස්ථාව යි.මේ සියවසේ බුදු දහම තරම් පර්යේශන වල බඳුන් වූ දෙයක් නැත්තේම ය.බටහිර විද්වතුන් අපට වඩා මේ දහම පරිශීලනය කරයි.ඒ සම්බන්ධව අනේකවිද පර්යේශනයන් සිදු කරයි.ඊලඟ සියවසේ මනසින් කරගන්නා අවබෝධයන් භෞතික සොයාගැනීම් ඉක්මවා යාම අතිශෝක්තියක් නොවන්නේම ය.

                                                  Video: නවතම බටහිර පිලිගැනීම               

චතුර්ක වින්දන හේවගේ 03/11/2017

 

 

Tags: , , ,

Leave a Reply