ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂනයෙහි ආරම්භය – ගෝලීය සහ ශ්‍රී ලාංකික සිනමාව ගැන අද අපි කතාකරමු. 

ඒ, 1895 හෝ 1896 වසර යි,තවමත් විවාදයට තුඩු දෙන ප්‍රථම 3D සිනමා අත්දැකීම ලෙස ප්‍රංශ ජාතික ලුමියර් (Lumière) සහෝදරයන් විසින් නිපද වූ L’Arrivée d’un train en gare de La Ciotat (The Arrival of a Train at La Ciotat Station) කෙටි චිත්‍රපටය හඳුන්ව යි. මෙය තත්පර 50ක පමණ නිහඬ චිත්රපටයක් වූ අතර, එහි පෙන්නුම් කරන්නේ වාෂ්ප දුම්රියක් ප්රංශයේ වෙරළබඩ නගරයක් වූ ලා සීඕටට් (La Ciotat) නගරයේ ධාවනය කිරීමයි. මුල් ලුමියර් චිත්රපට බොහොමයක් මෙන්, La Ciotat L’arrivée d’en train en garage ද එදිනෙදා ජීවිතයේ අංගයක් ලෙස දැක්වෙන දර්ශනයක් ලෙස අර්ථගන්ව යි. මෙහි කැමරාව චලනය නොවන අතර, චිත්රපටය අඛණ්ඩව සජීවී දර්ශනයකින් සමන්විත වේ.

Lumière Brothers

වාණිජමය වශයෙන් ප්‍රථමයෙන්ම නිකුත් කරන ලද 3D චිත්රපටය වූයේ 1922 දී නිපද වූ The Power of Love සිනමා සිත්තම යි. මෙය  Anaglyph Glasses (3D වීදුරු) භාවිතා කරන ලද පළමු 3D චිත්රපටය විය. මෙම Anaglyph වීදුරු, ප්රතිවිරුද්ධ වර්ණ සහිත කාච භාවිතා කරමින් නිපදවීය. අවාසනාවකට මෙන්, මෙම චිත්‍රපටය පුළුල් ලෙස තිරගත නොකෙරුනි. එවකට චිත්රපට නිෂ්පාදකයින් සහ රංගන ශිල්පීන් වර්ධනය වන 3D වෙලඳපොල සමඟ අත්හදා බැලීම් දිගටම කරගෙන ගියා. ලෝරන්ස් හැමන්ඩ් සහ විලියම් එෆ්.කැසිඩි 1922 අග භාගයේදී රූපවාහිනී පද්ධතිය (Teleview) සඳහා විශේෂයෙන් එක් චිත්රපටයක් නිර්මාණය කලා.කෙසේ වෙතත් ආකෘතියේ අසංවේදී ස්වභාවය නිසා රූපවාහිනී පද්ධතිය සඳහා විශේෂයෙන් එක් චිත්රපටයක් පමනක්ම නිර්මාණය කලා.

Scenes of The Power of Love Movie

සාම්ප්රදායික ප්රතිරූපය පෙන්වන චිත්රපට වෙනුවට Stereoscopic 3D නව තාක්ෂණයක් මතු විය. එනම්, Edwin H. Land විසින් Polarizing Sheets නිපදවා, Polaroid තාක්ෂනය සොයා  ගැනීමත් සමඟ යි.

Edwin H. Land
The Inventor and the Co-founder of the Polaroid Corporation

ත්රිමාන ප්රක්ෂේපණය(3D Projection) සඳහා ඔහුගේ ධ්රැවීකරණය කරන ලද පත්ර භාවිතා කිරීම දැකගත හැකි විය.මේ ක්‍රමයට වැඩි පිරිවැයක් සිනමාකරුවන්ට දැරීමට සිදු වූ බැවින්, භාවිතය අවම කල ද ඒ හරහා 1952 දී Bwana Devil නම් චිත්රපටය පළමු වර්ණ 3D චිත්රපටය සිනමාවට දායාද කලා.

Bwana Devil Movie Poster
Release date
November 30, 1952

බොහෝ දෙනෙකු 1950 දශකය හඳුන්වන්නේ 3D චිත්රපටිවල රන් යුගය ලෙස යි.මෙයට හේතුව ලෙස පිබිදුණු පශ්චාත් යුධ ආර්ථිකය වන අතර, පාරිභෝගිකයින් හා Thearters හිමියන් නව තාක්ෂණයට ස්තූතිවන්ත  වෙමින් 3D සිනමාවට පුළුල්වම අවතීර්න වුනා. මේ අතර, ත්රිමාන වීදුරු හරහා බැලිය හැකි Comics Books නිපද වූ බැවින්, බාල මහලු කොයි කවුරුත් මේ වන තෙක් Comics Books වලට ඇලුම් කරන්න ගත්තා.1961 දී  මේ 3D තාක්ෂනය හරහා නිපද වූ The Mask නම් Canada සිනමා සිත්තම නිසා අද දක්වාම එවැනි Mask චිත්‍රපටවලට යොදා ගැනීම මෙම කර්මාන්තයට මොනතරම් බලපෑමක් කර ඇති ද වග අපට පසක් කරනවා.

The Mask (1961) Movie Poster
Release date
November 1, 1961 (U.S.)

Stereovision නම් සමාගම 1970 දී තවත් නව තාක්ෂණයක් වර්ධනය කරන කලා. Anamorphic widescreen යන යෙදුම සමඟ චිත්රපටය පුළුල් පරාසයක රූපයක් පෙන්වීමට සැලැස්වීමෙනි. එවක සිනමාවෙහි පෙරලියක් කල මේ තාක්ෂනය භාවිතා කරමින් බොහෝ නිර්මාණ බිහිවිය.  The Stewardesses (1969) නම් හොලිවූඩ සිනමා නිපැයුම,එම තාක්ෂනයේ පලමු නිපැයුම යි.මෙසේ තාක්ෂනයෙහි ප්‍රගමනයත් සමඟම මහාපරිමාණ ව්‍යාපාරයක් බවට පත්වුනු මේ කලාවට 1980 දශකයේ මැද භාගයේදී 3D නිර්මාණසඳහා ප්රබලතම අනුග්රාහක දායකත්වය දීමට IMAX ආයතනය ඉදිරිපත් වුනා.

The Stewardesses (1969) Movie Poster
Release date
July 25, 1969

1986 සිට ඩිස්නි ආයතනය ද 3D ඉදිරිපත් කිරීමෙහි දිගින් දිගටම රැඳී සිටියි. 1986 දී Walt Disney සමාගම Francis Ford Coppola විසින් අධ්‍යක්ෂනය කල දර්ශනීය විද්‍යා ප්‍රබන්ධ චිත්රපටයක් වූ Captain Eo අපට දායාද කලා. ඔබ අප කවුරුත් දන්න මයිකල් ජැක්සන් එහි ප්‍රධාන චරිතයට පණපෙවූ අතර ඔහු විසින් ගායනා කළ සමහර ගීත සඳහා “4D සිනමා සංකල්ප” ද භාවිතා කලා. ඒ, ඩිස්නි රඟහල චිත්රපටය සමඟම ලේසර් ආලෝකය, ව්‍යාජ පරිසරයක් කෘත්‍රිමව නිර්මාණය කරමින් (හයිඩ්රේලික් පුටු, කෘත්‍රීම දුම් භාවිත කරමින්) ප්‍රේක්ශකයා අමන්දානන්දයට පත් කලා.

The DVD Cover of Captain EO Movie
Release date
September 12, 1986 (Florida)

80 දශකයේ අගබාගයේ සිට 90 දශකය පුරා සිනමාහල් සහ සමහර තේමා උද්යාන (Theme parks) වැනි සංකල්ප හරහා නව ව්යාපෘති සිදුකලා. මෙම චිත්රපට බොහොමයක් අධ්යාපනික වාර්තා චිත්රපට විය, ඒ අතරට 2003 දී තිරගත වූ ජේම්ස් කැමරන් ගේ වාර්ථා චිත්‍රපටය Ghosts of the Abyss ද ඇතුලත් වුනා.මීට අමතරව  I Shrunk the Audience,T-2 3D:Battle across time වැනි සිනමා නිර්මාණ ද විය. මේ අයුරින් දිනෙන් දිනම පර්යේෂන වලට බඳුන් වූ මෙම කලාව 2D හා 3D යන දෙවර්ගයේම චිත්රපටි එකවරම නිකුත් කිරීම වෙනුවට,නිපදවන ලද 2D චිත්රපටි ත්රිමාණ චිත්රපටි බවට පරිවර්ථනය කිරීමට ද පටන් ගත්තා. මෙය වසර ගණනාවක් තිස්සේ උත්සහ කර ඇති ක්රියාවලියක් නමුදු, එහි සාර්ථක බව ප්‍රායෝගිකව රඳවා ගැනීමට අපහසු වුනා. Superman Returns (2006) 2D සිට 3D බවට පරිවර්ථනය කළ ප්රථම 2D හොලිවුඩ් චිත්රපටය වුව ද, එය ප්රධාන ජවනිකා කිහිපයකට පමණක් සීමා කලා. Alice in Wonderland සහ Clash of the Titans වැනි චිත්රපට නිෂ්පාදන ක්‍රියාවලිය අතරදීම 3D ලෙස පරිවර්තනය කර ඇත.නමුත්, එහි ගුණාත්මකභාවය වෙනස් වන අතර එසේ පරිවර්ථනය කිරීම සඳහා වැඩි පිරිවැයක් දැරීමට ද සිදු වුණා.ගතවන කාලය සහ පිරිවැය ඉතා අධික වුණා.

Ghosts of the Abyss Movie Poster Release date March 31, 2003 (premiere) April 11, 2003 (limited)

මේ වනවිට HD/4K ආදී වශයෙන් ආලින්දයේ සිනමාව බොහෝ විට ජනප්‍රිය වෙමින් පවති යි. මේ වන විට ශ්‍රී ලාංකික සිනමා ශාලා වල තාක්ශනය දිනෙන් දින නව්‍යය වෙමින් පවති යි. උසස් සිනමා නිර්මාණ වල ආගමනයත් සමඟම ලාංකික සිනමාහල්, ඒ තාක්ශනයට අනුරූපී වන ලෙස යාවත්කාලීන කරමින් සිටීම ලාංකික අපට නම් සුභ ආරංචියක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉතිං ඒ ලෝක සිනමාවට 3D තාක්ෂනයෙහි ආගමනය වූ ආකාරය යි. දැන් අප ලාංකික 3D සිනමාව ගැනත් කථාකරමු. මේ අවුරුද්දේ අග භාගයේ තිර ගත වීමට නියමිත “කැමිලස් ගේ ගජමෑන්” චරිතය අලලා නිපද වූ “ගජමෑන්” 3D චිත්රපටය නොබො දිනකින්ම අප අතරට පැමිණීමට නියමිත යි.හැත්තෑව දශකයේ අතිශය ජනප්රිය හා ප්රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය කාටූන් චරිත සමූහයක් පාදක කොට ශ්රී ලංකාවේ තැනෙන ප්රථම ත්රිමාණ සජීවීකරණ චිත්රපටය “ගජමෑන්” ය. මුළුමණින්ම දේශීය අනන්‍යයතාවයෙන් සහ දේශීය ශිල්පීන්ගේ දායකත්වයෙන් නිපදවෙන මේ සිනමා සිත්තම Studio 101 කණ්ඩායමේ නිපැයුම කි. ඉතිං, සියවසකට එහා ඉතිහාසයකට හිමිකම් කියූ මේ 3D සිනමා කලාව අප අතරට රැගෙන එන ඒ නළු නිලි කැල ඇතුලු සිනමාවේදීන්ට අපගේ උණුසුම් සුබපැතුම් සමඟින් නැවත දවසක හමුවෙමු.

ගජමෑන් – ගජමෑන් 3D චිත්රපටය

සටහන | චතුර්ක වින්දන හේවගේ.

Tags: ,

Leave a Reply